mediahumanrights.lk
NewsPolitical

ජනපතිගේ ක්‍රියාව එක්සත් ජාතීන් අගයයි

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය බලාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරනවා. එහි මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් කියා සිටියේ මෙම කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙනු ඇතැයි ද විශ්වාස කරන බවයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සහය ලබාදෙන බවද ෆර්හාන් හක් මෙහිදී කියා සිටියා.
අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටවනු ලබන්නේ 2016 අංක 16 දරණ පනත යටතේයි. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අත්සන් තැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

Shiran Viraj

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ගේ විරෝධය

Shiran Viraj

ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්

Shiran Viraj
Translate »