32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක්

වර්තමානය වන විට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර ඇති බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ඕනෑම දරුවෙකු වසර 13ක් අඛණ්ඩව පාසල් අධ්‍යාපනය හැදෑරිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මාතර පරගල කණිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ මෙරටට සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවයි.
මේ අතර ඉඩම් පරිහරණයේ පවතින ගැටළු හේතුවෙන් මෙරට කඳු කඩාවැටීම් සහ නායයාම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ආපදා කළමනාකරණය පිළිබඳව රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට නොකැඳවීම ගැටළුවක්

Shiran Viraj

අද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්

Shiran Viraj

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Shiran Viraj
Translate »