mediahumanrights.lk
NewsPolitical

ඩෙංගුවලට පැපොල් යුෂ! සුව ඇමතිගෙන් කොළ එළියක්

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් පත‍්‍ර යුෂ ලබාදීම සුදුසු ද යන්න සොයා බැලීමට විද්‍යාත්මක පර්යේෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඩෙංගු මර්දනය පිළිබඳ විශේෂඥයින් පැපොල් පත‍්‍ර යුෂ ඖෂධය පිළිනොගන්නා බවයි. එහෙත් ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව පැපොල් පත‍්‍ර යුෂ ආශ‍්‍රයෙන් ඖෂධ නිෂ්පාදනය කරන බවද අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.
ඩෙංගු රෝග මර්දනය සඳහා පැපොල් පත‍්‍ර යුෂ ඖෂධය සුදුසු බවට සමාජය තුළ මතයක් පවතිනවා. එය සොයා ගත්තේ ද ශ‍්‍රී ලංකාවෙන්. එය රෝගය මර්දනය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න පර්යේෂණ මගින් සොයාගත යුතු බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. ශ‍්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
(under the courtesy of nethfm news web)

Related posts

සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..

Shiran Viraj

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

Shiran Viraj

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

Shiran Viraj
Translate »