2026-09-06
mediahumanrights.lk
Local NewsNews

ගාස්තු වැඩිවීම ලංගමටත් අදාලයි

අද සිට ක්‍රියාත්මක වන සියයට 6.28 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ශ්‍රී ලංගම බස් ගාස්තු සඳහා ද බල පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි මෙහෙයුම් අධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි අප කළ විමසීමකදී කියා සිටියේ සංශෝධිත බස් ගාස්තු අය කිරීමේදී මගීන් අපහසුතාවට පත් කිරීමක් සිදුවන්නේ නම්, ඊට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවයි.
අද සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු සංශෝධනයට අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියල් 9, රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇති.
ඊට අමතරව රුපියල් 12ක්ව තිබූ බස් ගාස්තුව රුපියල් 13 දක්වාත්, රුපියල් 16 බස් ගාස්තුව රුපියල් 17 දක්වාත්, රුපියල් 20 බස් ගාස්තුව රුපියල් 21 දක්වාත් සහ අනෙකුත් බස් ගාස්තු ද සියයට 6.28කින් ඉහළ නැංවෙනවා.
මීට අමතරව ඉහළ නැංවූ අධිවේගී මාර්ගවල නව බස් ගාස්තු ද අද සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව මහරගම – ගාල්ල රුපියල් 410ක්, මහරගම – මාතර 500ක්, කඩුවෙල  – මාතර 520ක්, කොළඹ – මාතර 530ක්, කඩුවෙල – ගාල්ල 430ක්, කඩවත – මාතර 540ක් සහ කඩවත – ගාල්ල රුපියල් 440ක් වනවා.
මේ අතර, දුම්රිය ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා පළ වුණා.
අප මේ පිළිබදව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ දුම්රිය ගාස්තු සංශෝධනයක් සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

උද්දමනය පහල බහී.. අලුත්ම වාර්තාව මෙන්න..

Shiran Viraj

මාධ්‍යවේදියාට පහර දුන් ASP දළුවත්ත ශ්‍රේෂ්ඨාධිකරණයට

Shiran Viraj

උත්සව සමයේ අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනයට විශේෂ වැඩපිළිවෙලක්

Shiran Viraj
Translate »