mediahumanrights.lk
NewsSportsSports News

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පිත්ත අතට ගනී

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.
මෙම තරගය සඳහා සිය කණ්ඩායම ඉහළ මානසිකත්වයකින් යුතුව සූදානමින් සිටින බවයි ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ.
රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් කර සිටිනවා. ඒ හේතුවෙන් පන්දු යැවීමේ බලඇණිය වඩා ශක්තිමත් වී ඇති බවයි ශ‍්‍රී ලංකා නායකයා කියා සිටියේ.
දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 17ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 12ක ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති අතර කිසිදු තරගයක් සිම්බාබ්වේ කණ්ඩායම ජයගෙන නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

Shiran Viraj

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

Shiran Viraj

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

Shiran Viraj
Translate »