24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි!- ‍ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්න

තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරමින් බදුල්ල බෝගහමඩිත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (02) පැවති සාදයක් පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනවා.
ඊට සහභාගීවූවන් හෙරොයින්, ගංජා හා මත්පෙති භාවිත කර ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර තිබූ මෙම සාදයට හෙරොයින් මිශ්‍ර කර සකස් කළ මුද්දර විශේෂයක් ද ගෙනවිත් තිබූ බව හෙළිකර ගෙන තිබෙනවා.
සාදය සඳහා ඇතුළු වීමට රුපියල් දහසේ සිට දෙදහස් පන්සියය දක්වා ප්‍රවේශපත්‍ර අලෙවි කර ඇති බවද සඳහන්.
පොලිසිය විසින් වැටලීම සිදු කරනු ලබන අවස්ථාවේ එහි තරුණ තරුණියන් දෙසියයක් පමණ සිටි බවයි පැවසෙන්නේ.
ඒ අතරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 29 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ අතර බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් කිහිපයක සිසුන්ද ඇතුළත්.
ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1150ක්, ගංජා මිලිග්‍රෑම් 6500ක්, මත්පෙති හා හෙරොයින් මිශ්‍ර කර සකස් කරන ලද මුද්දර ද සොයාගත් බව පොලිසිය පවසනවා.
(under the courtesy of nethfm news web)

Related posts

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

Shiran Viraj

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Shiran Viraj

සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..

Shiran Viraj
Translate »