27.2 C
Colombo
2026-08-13
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණාත්මක සාකච්ඡාවක් අද (10) පැවැත්වෙනවා.
ඒ, සයිටම් අර්බුදය සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැරූ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට වෙනත් පුද්ගලයෙකු පත් කළහොත් වහාම දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (09) ප‍්‍රකාශ කළේ.
අද පැවැත්වෙන සාකච්ඡාවේ දී එය ද ප‍්‍රධාන මාතෘකාවක් බව එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවා.
වෛද්‍ය සභාවේ සභාපති ධුරයට වෙනත් සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට විරුද්ධ වන්නේ මන්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. එහිදී ඔහු සඳහන් කළේ “වෛද්‍ය ආඥා පනතෙන් පැහැදිළිව සඳහන් කරලා තියෙනවා කොහොමද වෛද්‍ය සභාවේ සභාපතිවරයෙක් පත් කර ගන්නේ සහ ඉවත් කරන්නේ කියලා. ඒ අනුව ඉවත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට කිසිඳු බලතලයක් ලබා දීලා නැහැ. එසේ සභාපතිවරයෙක් ඉවත් කරන්න නම් වෛද්‍ය සභාව යෝජනාවක් සම්මත කර ගත යුතුයි.. නැතිනම් සභාපතිවරයා ඉල්ලා අස්විය යුතුයි…එසේත් නැතිනම් සභාපතිවරයා අභාවප්‍රාප්ත විය යුතුයි.. ඉතින් මේ කිසිවක් වෙලා නැහැ.” යනුවෙනි.
රටේ කීර්තිමත් පුද්ගලයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා, සභාපති තනතුරේ තවදුරටත් සිටිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

සිසුන් ඇතුළත් කෙරෙන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානය

Shiran Viraj

පොළී අනුපාතික ඉහළ නංවන්න මුදල් මණ්ඩලය තීරණය කරයි

Shiran Viraj

පුරාවස්තු ගන්න ගිය 5ක් අල්ලයි

Shiran Viraj
Translate »