29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා නොගැනීම නිසා ගැටළු මතුවෙලා

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට ගැටළුකාරී තත්ත්වයක්  හටගෙන ඇති බව රජයේ විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ට සාපේක්ෂව මේ වන විට සිටින  විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවය.
අදාළ ගැටළුවට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන්  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට ද තීරණය කර ඇති බව ධර්මකීර්තී ඈපා මහතා කියා සිටියේය.
ඒ අනුව ඉදිරි සතිය තුළ කොළඹ ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සේවයෙන් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

විදුලි සේවක වර්ජනය වන අලි භීතියත් පතුරවයි! වර්ජනය දිගටම

Shiran Viraj

විදුලි පහන්, විදුලි උපකරණ නිවා දමන්නැයි යෝජනා කරයි…

Shiran Viraj

ආනයන කල ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී…

Shiran Viraj
Translate »