28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සමග අනාවැකියක්

2017 ජූලි මස 01 වැනි දින සිට තුන් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1,340 ක් වටිනා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
අන්තර්ජාතික සංවර්ධන සංගමයේ (IDA) සංක්‍රාන්තික සහයෝගීතා පහසුකම් යටතේ ලැබෙන මෙම ආධාරයට පෙර, පසුගිය 2014 සහ 2017 කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ශ්‍රී ලංකාවට ලැබුණේ ඩොලර් මිලියන 660 ආධාරයක් පමණයි.
ඒ අනුව ලෝක බැංකු එකතුවේ සාමාජික ආයතනයන් වන ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව (IBRD) සහ, අන්තර්ජාතික සංවර්ධන සංගමය (IDA) විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 300 බැගින් ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි. මෙම දායකත්වයන් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මූල්‍යයමය සහය වශයෙන් හා විශ්ලේෂණ සහ උපදේශන සේවාවන් සඳහා තාක්ෂණික දායකත්වය වශයෙනි.
මෙම කරුණු අනාවරණය වූයේ පසුගිය අඟහරුවාදා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන  අධ්‍යක්ෂිකා ඉදා රිඩ්ඩිහෝ මෙනවිය අතර මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සම්බන්ධයෙන් ඇගයීමක් කළ ලෝක බැංකුවේ අධ්‍යක්ෂකවරිය කියා සිටියේ 2016 වසරේ සහ 2017 මුල් භාගයේ අභියෝග මධ්‍යයේ වුවද ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සතුටට පත්විය හැකි බවයි.
රාජ්‍ය ආදායම් වියදම් කළමනාකරණයේ දී ඉදිරියේ දී අතිරික්ත වියදමකින් තොරව රාජ්‍ය  ආයෝජනයේ ප්‍රතිලාභ වැඩිවෙනු ඇතැයි ද පැවසුවා.  ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ලෝක බැංකුව අනාවැකියක්ද පළ කර සිටියා.
මෙම සන්දර්භය (Context) යටතේ  ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2020 වසර වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හිගය 3.5% දක්වා අඩුවනු ඇතැයි ද එහි පූර්විකාව ලෙස 2017 වසරේ දී රාජ්‍ය  මූල්‍ය ශේෂය සුළු වශයෙන් සාධනීය තත්ත්වයට පත් වනු ඇතැයි ද ලෝක බැංකුව සඳහන් කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගැන සැකයක් – වාහනවලට නිකුත් කිරීම වහාම නවතයි

Shiran Viraj

ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ තරුණයා CIDයට එයි

Shiran Viraj

කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

Shiran Viraj
Translate »