mediahumanrights.lk
Local News News Political

පළාත් පාලන ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම මාස 3න් කල් යයි

පළාත් පාලන ආයතනවල නියමයන් ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වන දිනය මාස 3න් කල් දමා තිබේ.
එම ගැසට් නිවේදනය ජූලි මස පළමු වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට නොහැකි වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව පළාත් පාලන ආයතනවල නියමයන් ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය තවත් මාස තුනකින් කල් දැමීමට පියවර ගෙන තිබේ.
ඊට අදාළ නව ගැසට් නිවේදනය පසුගිය සිකුරාදා දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
එම මාස 3 තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතියි.
(under the courtesy of adaderana news web)

Related posts

විදුලි ගාස්තු පහල දැමිය යුත්තේ නිසි අධ්‍යනයකින්ලු..

Shiran Viraj

GSP+ ලංකාවට නොලැබෙයි…

Shiran Viraj

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

Shiran Viraj