mediahumanrights.lk
Local NewsNewsPolitical

පළාත් පාලන ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම මාස 3න් කල් යයි

පළාත් පාලන ආයතනවල නියමයන් ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වන දිනය මාස 3න් කල් දමා තිබේ.
එම ගැසට් නිවේදනය ජූලි මස පළමු වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට නොහැකි වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව පළාත් පාලන ආයතනවල නියමයන් ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය තවත් මාස තුනකින් කල් දැමීමට පියවර ගෙන තිබේ.
ඊට අදාළ නව ගැසට් නිවේදනය පසුගිය සිකුරාදා දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
එම මාස 3 තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතියි.
(under the courtesy of adaderana news web)

Related posts

මහින්දට ඥානසාර හිමි ඉන්න තැන දැන ගන්න හැටි චම්පික කියයි

Shiran Viraj

මාලිමාව අප රැවටුවා.. බලාපොරොත්තු සුණු විසුනු කලා..- රාජ්‍ය සේවක වෘත්තිය සංගම් විරෝධයේ

Shiran Viraj

ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට

Shiran Viraj
Translate »