mediahumanrights.lk
Local NewsNews

ජපානයෙන් කෝටි 6000ක සල්ලි මල්ලක්

ජපන් යෙන් මිලියන 44,767 ක (රුපියල් මිලියන 60,407 පමණ)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (Jica) වෙතින් ලබාදීමට ජපන් රජය එකඟතාවය පළකර තිබෙනවා. ඒ ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය හා නාගරික ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම වැනි මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසාය.
මෙරට ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමට මෙන්ම ප්‍රාදේශීය විෂමතාවයන් අවම කිරීමටද දායක වෙමින් උතුරු, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල මූලික යටිතල පහසුකම් වන ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් ජනතාවගේ ජීවන මාර්ගයන් මෙන්ම ජීවන තත්ත්වයද ඉහල නැංවීම අරමුණු කර ගනිමින්, පිබිදෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඉන් සිදු කෙරෙන එක් ව්‍යාපෘති්යකි.
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා නල ජල පහසුකම් සැපයීම  සඳහා කළුඟග ජල සම්පාදන පහසුකම් පුළුල් කිරීම හා ජලය බෙදාහැරීමේ පද්ධතිය නවීකරණය කිරීම මඟින් බස්නාහිර පළාතේ දකුණු ප්‍රදේශයන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම ජලසම්පාදන කාර්යක්ෂමතාව ඉහල නැංවීම මගින් එම ජනතාවන්ගේ සෞඛ්‍ය තත්වය හා ජීවන තත්වය ඉහල නැංවීම අරමුණු කර ගනිමින්, කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීම තවත් ව්‍යාපෘතියකි.
(under the courtesy of adaderana news web)

Related posts

ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙත

Shiran Viraj

මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

Shiran Viraj

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

Shiran Viraj
Translate »