mediahumanrights.lk
News Political

ජනපතිගේ ක්‍රියාව එක්සත් ජාතීන් අගයයි

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය බලාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරනවා. එහි මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් කියා සිටියේ මෙම කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙනු ඇතැයි ද විශ්වාස කරන බවයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සහය ලබාදෙන බවද ෆර්හාන් හක් මෙහිදී කියා සිටියා.
අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටවනු ලබන්නේ 2016 අංක 16 දරණ පනත යටතේයි. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අත්සන් තැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Shiran Viraj

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

Shiran Viraj

නිෂ්ඡන්ද කොටස් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කරයි

Shiran Viraj