27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsSportsSports News

එක්දින කිරුළ තරංගට..ටෙස්ට් චන්දිමාල්ට – අද උදේම ක්‍රිකට් පිළේ සිදුවූ පෙරළිය මෙන්න

උපුල් තරංග එක්දින නායකත්වයටත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත්කර ඇතැයි වාර්තා වනවා.
රංගන හේරත් ටෙස්ට් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (11)රාත්‍රී වනවිටත් සාකච්ඡා පැවැත්වී තිබෙනවා.
ඒ, ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීම නිසායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) තේරීම් කමිටුව සමගද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
මෙම නව පත්කිරීම් සම්බන්ධයෙන් අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කිරීමට නියමිතයි.
මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මීළඟ නායකයා බවට පත්විය යුත්තේ කවුරුන්දැයි ක‍්‍රිකට් වෙබ් අඩවියක් වන ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය මේ වනවිට සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ දක්වා ඊට ප‍්‍රතිචාර දක්වා ඇති සංඛ්‍යාව 18545ක්. ඉන් සියයට 42.24ක් ප‍්‍රකාශ කර ඇත්තේ මීළඟ නායකයා උපුල් තරංග විය යුතු බවයි.
දිනේෂ් චන්දිමාල් මීළඟ නායකයා බවට පත්විය යුතු බවට මත පළ කර ඇති සංඛ්‍යාව සියයට 26.36ක්.
සියයට 15.45 ක් මත පළ කර ඇත්තේ කුසල් මෙන්ඩිස් මීළග නායකයා බවට පත් විය යුතු බවයි.
වෙනත් කෙනෙකු නායකයා විය යුතු බවට මත පළ කර ඇති සංඛ්‍යාව සියයට 15.94ක්.
(under the courtesy of nethfm news web)

Related posts

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj

අලි ප්‍රහාරයෙන් එලොව යයි

Shiran Viraj

එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

Shiran Viraj
Translate »