28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

උමා ඔය ජනතාවට සහන දෙන්න වන සංහාරයකට වරදකරුව මාස 06ක සිර දඬුවම් ලැබූවෙක් පත්කරයි

උමාඔය සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් අසරණභාවයට පත් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා නිල්ගල වන සංහාරයට වගකිවයුත්තකු ලෙස මාස 06ක සිරදඬුවම් නියමවූ පී.බී.අමරසේකර පත්කොට ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
“උමා ඔය “සංවර්ධන අනාථයින්‘ ගේ ගැටළුවලට විසදීම සදහා 2017 ජනවාරි 9 දින කැබිනට් තීරණයක් අනුව ‘විපතට පත් වුවන් සදහා සහන සැපයීම් කාර්යාලයේ ප්‍ර‍ධානියා‘ ලෙස නිල්ගල වන සංහාරයට  අධිකරණය මගින් මාස 6 ක සිර දඩුවම් නියම වූ පී.බී.අමරසේකර මහතා පත් කොට ඇත.  ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6 ක අයත් හතලිස් දහසකට වැඩි පිරිසකට පහසුකම් සැලසීම සදහා ස්ථාපිත ‘සහන කාර්යාලයේ‘ අකාර්යක්ෂමතාව, රාජ්‍ය නිලධාරීන්ගේ ද දැඩි විවේචනයට ලක්ව ඇත.
උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ දෙවන යෝජනාව ජනතාව සහන සැලසීමයි.  පීඩාවට පත් ජනතාව දැඩි ලෙස නොසන්සුන් වී ඇත්තේ ද, සහන නොලැබීම නිසාමය.  ඉහළ නිලධාරීන් ගේ අනුග්‍ර‍හය හා තීන්දු ගැනීමේ යාන්ත්‍ර‍ණයේ දුබලතා හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරිවරුන්ගේ දැඩි උත්සාහය හා කැපවීමට සරිලන ප්‍ර‍තිලාභ ජනතාව වෙත නොලැබෙමින් තිබේ.
‘සහන කාර්යාලයේ‘ ප්‍ර‍ධානියා ලෙස පත් කොට ඇති පී.බී.අමරසේකර මහතා 1999 දී නිල්ගල වන සංහාරය පිළිබද ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍ර‍හයේ 322 වගන්තිය සමග කියවෙන කැලෑ ආඥා පණත යටතේ බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 28884 දරණ නඩුව පවරා තිබුණි.  එවකට පැවති දේශපාලන අධිකාරිය විසින් ඔහුට අධි චෝදනා පත්‍ර‍ භාරදීමෙන් පසුව ද රැකියාවේ කටයුතු කිරීමට බලවත් විය. 2009.11.25 දින ඔහුට බරපතල වැඩ සහිතව වසර 7 කට අත්හිටවූ, මාස 6 ක සිර දඩුවමක් අධිකරණයෙන් නියම විය.  එම දඩුවම අවසන්වුයේ 2016.11.24 දින යි.  ඌව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඔහු පත්කිරීමට එරෙහිව ‘දුෂණ විරෝධී පෙරමුණ‘ විසින් 2016 ජූනි මස ඌව ආණ්ඩුකාරවරයා වෙත පැමිණිලි කළ අතර, එහි ප්‍ර‍තිඑලයක් ලෙස තම ධූරයෙන් ඉල්ලා අස් විය.
නිසි සම්බන්ධීකරණයක් නොවීම, සාම්ප්‍ර‍දායික ක්‍ර‍මවේදයන් තුල දිනෙන් දින උග්‍ර‍වන අර්බුදයකට පිළියම් නොලැබීම උමා ඔය හේතුවෙන් ජනතා පීඩාව දැඩිවීමට හේතුවී තිබේ.   හර්තාලය ක්‍රියාත්මක වන තෙක්ම සහන සම්බන්ධයෙන් විධිමත් මැදිහත්වීමක් සිදු නොකාරීම පිළිබදව, සේවා දිගුවක් ලබා සිටින දිසාපති නිමල් අබේසිංහ මහතා ට චෝදනා එල්ල වී ඇත.  හර්තාලය පැවැත්වෙන තෙක්ම නිල්ගල වන විනාශයට සිර දඩුවම් නියම වූ ‘සහන කාර්යාලයේ‘ ප්‍ර‍ධානියා සතියකට දින කිහිපයක් පමණක් සේවයට වාර්තා කර තිබුණි.     මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම ගිලගන්නා විනාශයට පිළියම් යෙදීමටත්, ආපදා තත්වය කලමණාකරණය කිරීම සදහාත් දක්ෂ නිර්මාණශීලි, රාජ්‍ය නිලධාරි මැදිහත්වීමක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.“
(under the courtesy of nethfm news web)

Related posts

පොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයි

Shiran Viraj

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් අත්හිටුවයි

Shiran Viraj

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

Shiran Viraj