28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

උමා ඔයට බලාපොරොත්තුවක සේයාවක්

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් මතුව ඇති ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනු කමිටුව අදාළ ප‍්‍රදේශ නිරීක්ෂණය කිරීමට තීරණය කර තිබෙනවා. පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ එම අමාත්‍ය අනු කමිටුව සහ අදාළ නිලධාරීන් ලබන සඳුදා ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් ප‍්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවයි.
සිදුව ඇති දේපළ හානි තක්සේරු කිරීම, වන්දි ගෙවීම වැනි කරුණු සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සොයා බැලීම එම නිරීක්ෂණ චාරිකාවේ අරමුණක් වන බවද පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියා.
මෙම තීරණයට එළඹ ඇත්තේ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි.
මහින්ද අමරවීර, විජිත් විජයමුණි ද සොයිසා, හරීන් ප‍්‍රනාන්දු ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සාකච්ඡාවට එක්වූ ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න තම පාර්ශවයෙන් ආණ්ඩුවට ඉදිරිපත් කළ කරුණු කිහිපයක් පිළිබඳ මෙලෙස පැහැදිලි කළා.
“නිවාස 7037 ක් පුපුරල විනාශවෙලා ගිහිල්ල තියෙනව. මේ මිනිස්සුන්ට ඉන්න තැනක් ලැබෙන්න ඕන කඩිනමින්. වන්දියක් ලැබෙන්නත් ඕන. ගොවීන්ට වගාහානි වන්දි දෙන්නෙ නැහැ. සමහර ගම්වලට ඉල්ලම්පත්‍රයක්වත් ලැබිල නැහැ. වන්දි ලබාදීමේ ක්‍රමය සංකීර්ණයි. එය සරල කරන්න කියලත් කියල තියෙනව. ගොවි ණය නිවාස ණය කපා දමන්න. නැත්නම් සහන දෙන්න. ප්‍රධාන උමග ඉස්සරමට කිලෝමීටර් 5.5ක් ඉස්සරහට යන්න තියෙනව. ඒක අවධානම් කියල ඔවුනුත් පවසල තියෙනව. ජනාධිපති තුමාට වැඳල කියන්නම් කියල කිව්වෙ, මේක තවදුරටත් ඉස්සරහට යන්න එපා කියලයි. ඒක තාක්ෂණ නිලධාරීන් සමග සකච්ඡා කරල තීන්දුවක් ගන්නම් කිව්ව.”
(under the courtesy of nethfm news web)

Related posts

”අපේ රටේ ඉංග්‍රීසි ගීත ජනප්‍රිය වෙනවා අඩුයි” – හොලිවුඩ් නිර්මාණයකට දායක වූ සචිනි අයේන්ද්‍රා කියයි

Shiran Viraj

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුට

Shiran Viraj

ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…

Shiran Viraj
Translate »