2026-08-09
mediahumanrights.lk
NewsSportsSports News

අයි.සී.සී කාන්තා ලෝක කුසලානයට එංගලන්ත පිල සුදුසුකම් ලබයි

යි.සී.සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
ඒ ඊයේ(18) පැවති පළමු අවසන් පූර්ව වටයේ තරඟයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කඩුලු 02 කින් පරාජය කිරිමත් සමඟයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 218 ක් ලබා ගත්තේය.
අනතුරුව පිටියට පිවිසි එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 04 ක් අවසානයේ කඩුලු 08ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් විය.
ඒ අනුව හෙට(20) දින පැවැත්වෙන ඔස්ට්‍රේලියා සහ ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ එංගලන්ත කාන්තා කණ්ඩායම  ලබන 23 වන දින පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා අවසන් මහා තරඟයේදී තරඟ වදිනු ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)

Shiran Viraj

හම්බන්තොටින් හමුවූ විශාලතම මත් පෙති තොගය

Shiran Viraj

An entrepreneur shares 20 tips for traveling for free

Shiran Viraj
Translate »