mediahumanrights.lk
NewsPolitical

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක්

වර්තමානය වන විට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර ඇති බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ඕනෑම දරුවෙකු වසර 13ක් අඛණ්ඩව පාසල් අධ්‍යාපනය හැදෑරිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මාතර පරගල කණිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ මෙරටට සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවයි.
මේ අතර ඉඩම් පරිහරණයේ පවතින ගැටළු හේතුවෙන් මෙරට කඳු කඩාවැටීම් සහ නායයාම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ආපදා කළමනාකරණය පිළිබඳව රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

Shiran Viraj

කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Shiran Viraj

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Shiran Viraj
Translate »