mediahumanrights.lk
Local NewsNews

හපුතලේ සුළු චලනයක්

හපුතලේ – හාල්ඇටතැන්න ප්‍රදේශයට අද අලුයම සුළු චලන තත්ත්වයක් ඇති වූ බව ප්‍රදේශවාසීන් පවසනවා.
විනාඩියක පමණ කාලයක් මෙම තත්ත්වය දක්නට ලැබුණු බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් කියා සිටියේ.
අප මේ පිළිබදව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ භූ විද්‍යාත්මක දත්ත සහ සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානයෙන් විමසීමක් කළා.
එහිදී ඔවුන් සඳහන් කළේ භූ චලනයක් සිදුවූ බවට සනාථ කළ හැකි සාක්ෂි කිසිවක් වාර්තා වී නොමැති බවයි.
භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ මාපකවල එවැනි භූ චලනයක් වාර්තා වී නොමැති බව කාර්යාංශයේ භූ විද්‍යා පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන කියා සිටියා.
(under the courtesy of hirunews news web)

Related posts

අමිලාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයි

Shiran Viraj

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

Shiran Viraj
Translate »