27.4 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටින සරසවි සිසුන් මේ වන විට ගොඩනැගිල්ල පුරා සිය සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා.
සරසවි සිසුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඇති විවිධ පුවරු හා දැන්වීම් ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ඒවා ගිනි තබා විනාශ කිරීමද සිදු කරන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) මෙම විරෝධතා පාගමන සංවිධානය කළේ සයිටම් ආයතනයට විරෝධය පාමින්.
කෙසේවෙතත් මේ වන විට සරසවි සිසුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද සිදු වෙමින් තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූ වගාහානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් කැඳවයි

Shiran Viraj

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

Shiran Viraj

ලයනල් මෙසී මෙවර රන් පාවහන දිනා ගනියි

Shiran Viraj
Translate »