2026-08-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

සයිටම් වෙනුවෙන් පෙරට යා යුත්තේ දෙමව්පියෝ

සයිටම් ගැටළුව විසඳීමේ දී සිසුන් නොව දෙමව්පියන් පෙරට පැමිණිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන රජයේ 9 වන වෛද්‍ය විද්‍යාලය ලෙස ස්ථාපිත කරන මෙන් ඉල්ලා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලැබූ හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“අද ඉතාම දක්ෂ දරුවෝ ගොඩ දෙනෙක් ගමන් කරන්නේ මේ වෛද්‍ය හා ඉංජිනේරු විශයන් වලට, ඒක නිදහස් අධ්‍යාපනයෙන් අපට ලැබුණු දෙයක්. අපි භුක්ති විඳින මේ නිදහස් අධ්‍යාපනය ලෝකයේ එහෙම ලෙහෙසියෙන් ක‍්‍රියාත්මක වෙලා නැහැ. නිදහස් අධ්‍යාපනය ක‍්‍රියාත්මක කරන්න ගිය රටවල ඒ හැම තැනකම අහපු ප‍්‍රශ්නයක් තිබෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් අධ්‍යාපනය ක‍්‍රියාත්මක කරන්න ගියහොත් අසන ප‍්‍රශ්ණයක් තිබෙනවා. ඒ තමයි ‘මගේ බදු මුදල්වලින් ඇයි මම අනුන්ගේ ළමයින්ට උගන්වන්නේ’ කියන ප‍්‍රශ්නය. ඒ අනුව බැලූවම අපේ රට ඉතාම වාසනාවන්ත රටක්. මට නම් කිසිම කෙනෙක් මුණ ගැසිලා නැහැ ඒ ප‍්‍රශ්නය අසන. නමුත් ඒ ප‍්‍රවණතාවය යටින් පැණනැගෙමින් තිබෙනවා.
මේ රටේ සිදුවුණු විශාලම සමාජ වෙනසක් එහෙමත් නැත්නම් විප්ලවයක් තමයි මේ නිදහස් අධ්‍යාපනය ලැබීම. එසේ නොවෙන්න අපේ රට ඉතාම මුග්දල අවලස්සන රටක් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපට ලැබුණු මේ ක‍්‍රියාවලිය ආරක්ෂා කරගැනීම අපි හැමදෙනාගේම යුතුකමක් හා වගකීමක් වෙනවා.“
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

Shiran Viraj

රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

Shiran Viraj

තනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේ

Shiran Viraj
Translate »