2026-08-08
mediahumanrights.lk
NewsSportsSports News

සමහරවිට මම දැන් මැච් දිනවන ක්‍රීඩකයෙක් නෙවෙයි වෙන්න පුළුවන් – මමත් කැච් මිස් කළා – මාලිංග

චැම්පියන්ස් කුසලාන සිහිනය බොඳවූ ශ්‍රී ලංකා පිල ඊයේ දිනයේ (14) දිවයිනට පැමිණියා. එහිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ලසිත් මාලිංග විසින් ඔහුගේ ඉදිරි තරඟ සඳහා වන සහභාගීත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූවා.
එහිදී මාධ්‍යවේදීන් නෑඟූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන් අතර එක් අවස්ථාවකදී ඉදිරියේදී, එනම් 2019දී ලෝක කුසලානයට සහභාගී වනවාද යන්න පිළිබඳව ඔහුගෙන් විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ මුහුණ දෙස සිනාසී බැලූ මාලිංග පැවසුවේ අවස්ථාවක් හිමි වුවහොත් ඒ සඳහාද සහභාගී වන බවයි.
මම මාස 19කට පස්සේ මැච් එකක් සෙල්ලම් කළේ, සමහරවිට මම දැන් මැච් දිනවන ක්‍රීඩකයෙක් නෙවෙයි වෙන්න පුලුවන්, මගේ පන්දුයැවීම ගැන මම සෑහීමකට පත්වෙන්නේ නෑ, මොකද මට තරඟයක් දිනවන්න පුළුවන් වුනේ නෑ. ඒ ගැන පෞද්ගලිකව දුකක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් මම ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්නවා. 2019 ලෝක කුසලානය වුනත් කණ්ඩායමට තෝරගත්තොත් මම ක්‍රීඩා කරනවා.
මැච් එකක කැච් මිස් කරනවා කියන්නේ හැමදාම වෙන දෙයක්. මමත් කැච් මිස් කරලා තියෙනවා. ඒ නිසා බුද්ධිමත් විදියට මැච් බලන අය ඒ ගැන හිතුවොත් හොඳයි.
මේ එම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝවයි.

(under the courtesy of adaderana news web)

Related posts

ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

Shiran Viraj

අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…

Shiran Viraj

රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..

Shiran Viraj
Translate »