27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNewsPolitical

විග්නේෂ්වරන් යළිත් සටන අරඹයි

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම්ට හා උතුරු පළාත් ප‍්‍රවාහන අමාත්‍ය පී. ඩෙනිෂ්වරන්ට එරෙහි වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින්. කමිටුවට පුද්ගලයින් සිව් දෙනෙකු ඇතුළත්.
මීට පෙර ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ද පළාත් අමාත්‍යවරුන්ගේ දූෂණ විමර්ශනයට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. එහි වාර්තාවට අනුව පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා හා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට එරෙහි චෝදනා ඔප්පු වුණා. ඒ අනුව ඔවුන්ට තනතුරුවලින් ඉවත් වන ලෙසටයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා නියෝග කළේ.
එහෙත් එම කමිටු වාර්තාවට අනුව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට හා පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරයාට එරෙහි චෝදනා ඔප්පු වූයේ නැහැ. ඔවුන් දෙදෙනා  වංචා සහ දූෂණවලට සම්බන්ධ බවටයි ජනතාව චෝදනා කර ඇත්තේ. සී වී විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට හේතුවූයේ ද ඔහු විසින් මෙම අමාත්‍යවරුන් දෙදෙනා අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කිරීමත් සමගයි.
ඔවුන්ට එරෙහි චෝදනා නැවත විමර්ශනයට පත් කළ සිව් පුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මීට පෙර කමිටුවේ සභාපතීත්වය දැරූ විශ‍්‍රාමික විනිසුරු එස්. ත්‍යාගේන්ද්‍රන්. අදාළ වාර්තාව මසක් ඇතුළත ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත ලබාදෙනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවට දින නියම කෙරේ

Shiran Viraj

කොළඹ උද්ධමනය 2.1%ක ස්ථාවරත්වයක්: ආහාර මිල අඩුවේ, ආහාර නොවන මිල වැඩිවේ

Shiran Viraj

විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයි

Shiran Viraj
Translate »