2026-09-07
mediahumanrights.lk
Local NewsNews

වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හරින්න නව වැඩ පිළිවෙළක්

වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හැරීමට නව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යශය තීරණය කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතිරික්ත හෙද හෙදියන් වහාම පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල්වලට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදී ඇත.
හෙද හෙදියන්ගේ නව පත්වීම්වලින් කොටසක් ද පුත්තලම දිස්ත්‍රික්කයට ලබාදීමට තීරණය කර තිබේ.
පුත්තලම මූලික රෝහල ඇතුළු වයඹ පළාතේ රෝහල් සංවර්ධනය කිරීම හා මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පවතින රෝහල්වලට නව වෛද්‍ය  පත්වීම් ලබාදීමට ද මෙහිදී තීරණය වී තිබේ.
පුත්තලම මූලික රෝහලේ නේවාසිකාගාර ගැටළුව විසදීමට ද නව ශල්‍යාගාර සංකීර්ණයක් ඉදි කිරීමට ද අදාළ සාකච්ඡාවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.
(under the courtesy of adaderana news web)

Related posts

මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

Shiran Viraj

මීතොටමුල්ලට අලුත් උපකරණයක්

Shiran Viraj
Translate »