2026-07-04
mediahumanrights.lk
NewsSportsSports News

ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හතුරුසිංහ සමග සාකච්ඡා කර ඇති බවයි.
චන්දික හතුරුසිංහ 2019 වන තෙක් බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමටයි ගිවිසුම් අත්සන් කර ඇත්තේ.
ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක්කර ගන්නේ නම් ගිවිසුමට අදාළ ඉතිරි කාලයේ ගෙවීම් සිදු කිරීමට ශ‍්‍රී ලංකාවට සිදුවනු ඇති.
එමෙන්ම ලෝකයේ වැඩිම මිලක් ගෙවන පුහුණුකරු ලෙස වාර්තා වන්නේ ද චන්දික හතුරුසිංහයි. ඔහුගේ දායකත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට ප‍්‍රගතියක් ද අත්කර ගෙන තිබෙනවා. ඒ අනුව හතුරුසිංහගේ දායකත්වය ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීම අපහසු වනු ඇති බවටයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර නවසීලන්ත ජාතිකයින් වන ස්ටීවන් ෆ්ලෙමින්, ස්කොට්ස් ස්ටයිරිස් හෝ  ඕස්ටේ‍්‍රලියානු ජාතික ටොම් මෝඩි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා එක්කර ගැනීමට ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව සඳහන්.
සිම්බාබ්වේ කණ්ඩායම සමග ඉදිරියේ දී පැවැත්වෙන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට නික් පෝතස් පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඔහු මෙතෙක් කටයුතු කළේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි. ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ග‍්‍රැහැම් ෆෝඞ් හදිසියේ ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම ගැටළුව මතු වුණා. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ලබන 30 වැනිදා ආරම්භ වනවා. ඊට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නම් කර නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

Shiran Viraj

නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්

Shiran Viraj

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

Shiran Viraj
Translate »