28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම

සුවහසක් සංගීත ලෝලීන්ගේ සිත් කඳුලින් තෙත් කොට සදාදරණීය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගියදා අප අතරින් සදහටම සමුගත්තා. මිය යන විටත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනුයි සිටියේ. ප්‍රින්ස්ගේ බෙහෙත් හේත් වෙනුවෙන් එම රෝහලේ සෑහෙන ලොකු බිලක් තිබෙනවා. මුදල්වලින් කිව්වොත් ලක්ෂ විසි පහක් විතර. එම රෝහලේ අධ්‍යක්ෂතුමන් කලාවට සබැඳි කෙනෙක් නිසා එම මුදල මසක් ඇතුළත ගෙවීම පෙරොන්දුව පිට ප්‍රින්ස්ගේ දේහය පවුලේ අයට ලබා දුන්නා. මියගිය අයත් විකුණගෙන කන මෙවන් වූ යුගයක එතුමා කළ උපකාරය නම් අගය කළ යුතුයි. ප්‍රින්ස්ගේ සොහොයුරිය මේ වන විට එම මුදල හැකි අන්දමින් පියවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අතර අපට තවත් අගය කළ හැකි කාර්යයක් සහ කලාකරුවෙකු ගැන ආරංචි වුණා. මේ කෙනා තමයි කීර්ති පැස්කුවල්. ගායක ගායිකා සංගමයේ වර්තමාන සභාපතිවරයා වන්නේත් ඔහු. ප්‍රින්ස් නමැති තම මියගිය සහෘදයාගේ රෝහල් බිල පියවීමේ අරමුණ ඇතුව මහඟු සද්කාර්යයකට අතගහලා. එළඹෙන ජුලි මසදී කීර්ති දැවැන්ත සංගීතමය ප්‍රසංගයක් සංවිධානය කරනවා. ඒ සඳහා ගායක ගායිකාවන් විසි පස් දෙනෙක් සසහභාගී වෙනවා. ආදරණීය ප්‍රින්ස් තමයි එහි නම. මෙමඟින් ලැබෙන සියලුම මුදල් කීර්ති වැය කරන්නේ ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා දැමීම සඳහා. කීර්ති කරන්නට හදන මේ උතුම් ක්‍රියාව අතිශය සාර්ථක වෙන්නත් කියලා පතනවා.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)සුවහසක් සංගීත ලෝලීන්ගේ සිත් කඳුලින් තෙත් කොට සදාදරණීය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගියදා අප අතරින් සදහටම සමුගත්තා. මිය යන විටත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනුයි සිටියේ. ප්‍රින්ස්ගේ බෙහෙත් හේත් වෙනුවෙන් එම රෝහලේ සෑහෙන ලොකු බිලක් තිබෙනවා. මුදල්වලින් කිව්වොත් ලක්ෂ විසි පහක් විතර. එම රෝහලේ අධ්‍යක්ෂතුමන් කලාවට සබැඳි කෙනෙක් නිසා එම මුදල මසක් ඇතුළත ගෙවීම පෙරොන්දුව පිට ප්‍රින්ස්ගේ දේහය පවුලේ අයට ලබා දුන්නා. මියගිය අයත් විකුණගෙන කන මෙවන් වූ යුගයක එතුමා කළ උපකාරය නම් අගය කළ යුතුයි. ප්‍රින්ස්ගේ සොහොයුරිය මේ වන විට එම මුදල හැකි අන්දමින් පියවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අතර අපට තවත් අගය කළ හැකි කාර්යයක් සහ කලාකරුවෙකු ගැන ආරංචි වුණා. මේ කෙනා තමයි කීර්ති පැස්කුවල්. ගායක ගායිකා සංගමයේ වර්තමාන සභාපතිවරයා වන්නේත් ඔහු. ප්‍රින්ස් නමැති තම මියගිය සහෘදයාගේ රෝහල් බිල පියවීමේ අරමුණ ඇතුව මහඟු සද්කාර්යයකට අතගහලා. එළඹෙන ජුලි මසදී කීර්ති දැවැන්ත සංගීතමය ප්‍රසංගයක් සංවිධානය කරනවා. ඒ සඳහා ගායක ගායිකාවන් විසි පස් දෙනෙක් සසහභාගී වෙනවා. ආදරණීය ප්‍රින්ස් තමයි එහි නම. මෙමඟින් ලැබෙන සියලුම මුදල් කීර්ති වැය කරන්නේ ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා දැමීම සඳහා. කීර්ති කරන්නට හදන මේ උතුම් ක්‍රියාව අතිශය සාර්ථක වෙන්නත් කියලා පතනවා.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)

Related posts

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

Shiran Viraj

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

Shiran Viraj

ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑ

Shiran Viraj
Translate »