29.9 C
Colombo
2026-08-11
mediahumanrights.lk
News

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටියි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සහන කඳවුරු 226ක් තුල පවුල් 7,046කට අයත් පුද්ගලයින් 24,962 දෙනෙකු රැදී සිටින බවය.
පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 12කට අයත් පවුල් එක්ලත්ෂ 84,265කට අයත් පුද්ගලයින් හත් ලක්ෂ 17,262 දෙනෙකු පීඩාවට පත් වු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙහිදී පුද්ගලයින් 214 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 79 දෙනෙකු අතුරුදන්ව සිටියි.
මේ අතර ආපදා තත්ත්වයෙන් අනතුරුව සහන සේවා කටයුතු ත්‍රිවිද හමුදාව ඇතුළු පාර්ශවයන් විසින් සිදු කරනු ලබයි.
ආපදාවට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 165ක මුදලක් රජය මේ වන විට වෙන් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…

Shiran Viraj

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Shiran Viraj

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Shiran Viraj
Translate »