mediahumanrights.lk
Local NewsNews

ප්ලාස්ටික් යැයි කියු සහල්වල විද්‍යාගාර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිපල මෙන්න

ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදු කළ පරීක්ෂණවල දී මෙරට කිසිඳු ප‍්‍රදේශයකින් එවැනි කෘත්‍රිම සහල් වර්ගයක් සොයා ගැනීමට නොහැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එහි තොරතුරු අංශයේ අධ්‍යක්‍ෂිකා චන්ද්‍රිකා තිලකරත්න සඳහන් කළේ සහල් පර්යේෂණ ආයතනය හා කාර්මික තාක්ෂණ ආයතනය මගින් අදාළ පරීක්ෂණ සිදු කළ බවයි.
මේ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාලවල විමර්ශන නිලධාරීන් මාර්ගයෙන් ලබා ගත් සහල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලබා දී විශේෂ විද්‍යාගාර පරීක්ෂණයකට බඳුන් කර  තිබෙනවා.
එහිදී ලබා ගත් වාර්තාවලට අනුව පරීක්ෂාවට බඳුන් කළ කිසිඳු සහල් සාම්පලයක ප්ලාස්ටික් අඩංගු නොවන බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව සහල් සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි පරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පාරිභෝගිකයින්ගෙන් පසුගිය දිනවලදී ලැබී තිබුණු පැමිණිළිවලට අනුව ලංකා සතොස ඇතුළු අලෙවිසැල් බොහොමයකින් මෙම සහල් සාම්පල ලබා ගෙන තිබෙනවා.

Related posts

ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..

Shiran Viraj

උතුරු කොරියාවට එරෙහි අමෙරිකාවේ පළමු පියවර ගැන හෙළි කරයි

Shiran Viraj

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Shiran Viraj
Translate »