28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

පහේ ශිෂ්‍යත්වයෙන් හපනෙක් වෙන්න! Grade 5 දැන් මෙන්න

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්වන දරු දැරියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම සඳහා ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකථන සහ පරිගණක වෙනුවෙන් සකස් කෙරුණු යෙදවුමක් අද එළි දැක්වුණා. ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකථනයකින් ගූගල් ප්ලේ ස්ටෝ මගින් මෙම ජංගම දුරකථන යෙදවුම බාගත කර ගත හැකියි. සාමාන්‍ය පරිගණකයින් නම් grade5.lk හරහා එය ලබා ගත හැකි වනවා.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල අනුමාන ප‍්‍රශ්න පත‍්‍ර සහ පිළිතුරු මෙම ජංගම දුරකථන යෙදවුම හරහා ලබා ගත හැකියි. ප‍්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මගින් එම අනුමාන ප‍්‍රශ්න පත‍්‍ර සහ පිළිතුරු සකස් කර තිබෙනවා.  විභාගයට මුහුණ දෙන දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ දුර්වල අංශ හදුනා ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වීම ද විශේෂත්වයක්.
මෙම ජංගම දුරකථන යෙදවුම එළි දක්වනු ලබන්නේ නෙත් එෆ් එම් රේඩියෝවේ අනුබද්ධ ආයතනයක් වන මයි සයිට් අයි.ටී සොලියුෂන් පුද්ගලික සමාගම විසින්. ඊට තාක්ෂණික බල ගැන්නුම ලබා දෙන්නේ ක‍්‍රව්ඬේරියා පෞද්ගලික සමාගමයි.
(under the courtesy of nethfm news web)

Related posts

සමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj

‘සාගතයේ අරගලය’ විරෝධතා…

Shiran Viraj

ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

Shiran Viraj
Translate »