2026-08-20
mediahumanrights.lk
NewsSportsSports News

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබෙනවා.
ඒ, ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වී පැය 48 ක් ගතවන්නටත් මත්තෙන්.
කුම්ලේ සහ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අතර හටගත් ගැටළුවක් මෙම තීරණයට හේතු වන්නට ඇති බවටයි පැවසෙන්නේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනිල් කුම්ලේ පවසා ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙය හොදම අවස්ථාව බවයි.
කෝලි සහ තමා අතර තිබූ සබදතාව මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවද අනිල් කුම්ලේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ එක්දින තරගාවලියක් සදහා ඉන්දීය කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට දින 4 ක් තිබියදී වීමද විශේෂත්වයක්.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

Shiran Viraj

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

Shiran Viraj

මියගිය අයට පිං පැතීමේ පරිත්‍රාන ධර්ම දේශනය අද නිදහස් චතුරශ්‍රයේදී

Shiran Viraj
Translate »