mediahumanrights.lk
Local NewsNews

නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරු

රිය අනතුරකින් දැරියක් මිය යාමේ සිද්ධියක් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා නානුඔය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථ වාහන කොට්ඨාශයේ නිලධාරීන්ට වහා ක‍්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔවුන් සියලූ දෙනා නුවරඑළිය පොලිස් කොට්ඨාශය වෙත මාරුකර යවා ඇති බවයි.
උදෑසන නානුඔය නගරයේ පදික මාරුවකදී ටිපර් රථයක ගැටී පාසල් දැරියක් අද මිය ගියා. ඉන් අනතුරුව කුපිත වූ පිරිස් ටිපර් රථයට ද ගිණි තබා විනාශ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඔවුන් පැය ගණනාවක් නානුඔය නගර මධ්‍යයේ රැඳී සිටිමින් උද්ඝෝෂණයක ද නිරත වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

Shiran Viraj

ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…

Shiran Viraj

රැල්ලේ නොයන සනුකගෙන් ආලයට අපූරු පෙරවදනක්

Shiran Viraj
Translate »