26.1 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNewsPolitical

තීරණාත්මක සාකච්ඡාවකට සයිටම් සභාපති ජනපති හමුවෙයි

මේ වන විට උද්ගතව ඇති සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (27) පැවැත්වෙන බව වාර්තා වෙනවා.
සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය නතර කිරීමට රජය ගෙන තිබෙන තීරණය නිසා එහි සිසුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි පැවසෙන්නේ.
මේ තත්ත්වය හා තවත් තීරණාත්මක කරුණු කිහිපයක්‌ සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කටයුතු කරනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
සයිටම් විරෝධී රැල්ලට මුල්වී සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇතැම් උදවිය වෛද්‍ය වෘත්තිය සඳහා සිසුන් පිටරට යෑවීමේ ජාවාරම්වල යෙදී සිටින බවද සයිටම් නිසා ඔවුන්ට සිදුවෙන පාඩු නැවැත්වීමට විවිධ ක්‍රියා මාර්ග ගන්නා බවද සයිටම් සභාපතිවරයාගේ මතය වී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

රනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..

Shiran Viraj

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

Shiran Viraj

තංගල්ලේදී මුහුදේ දිය නෑමට ගිය ජර්මන් ජාතිකයෙකු මරුට

Shiran Viraj
Translate »