26.1 C
Colombo
2026-10-17
mediahumanrights.lk
Local NewsNews

තැපැල් වර්ජනය අවසන්

තැපැල් සේවකයින් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් කෙරුණා.
ප‍්‍රදේශ කිහිපයක තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සඳහා ලබාදීමේ සූදානමක් ඇති බව පවසමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ.
ඒ, ඉකුත් සදුදා මධ්‍යම රාත‍්‍රී 12 සිටයි. ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අගමැති ලේකම් කාර්යාලයේදී පැවැති බවයි. ඊට අනුව එළඹෙන 26 වැනිදා විසඳුම් නොලැබුණ හොත් සමස්ථ තැපැල් දෙපාර්තමේන්තුවම දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද සඳහන් කළා.
දෙදින තැපැල් වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි රැසක් ගොඩගැසී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් තැපැල්පති රෝහණ අබේරත්නගෙන් විමසා සිටියා. ඔහු ඊට ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.
“කිසිඳු විශාල ලිපි ප්‍රමාණයක් ගොඩ ගැහිලා නැහැ. මේක වැරදි වැටහීමක්. සෑම දවසකම මධ්‍යම තැපැල් හුමවාරුවේ ඇති ලිපි ප්‍රමාණය හවස් වෙද්දි අපි ගමනාන්තයන් වෙත යොමු කරනවා. එතකොට බෙදා ගන්න බැරි කියලා ලිපි ඉතිරි වෙන්නේ නැහැ. වර්ජනය ආරම්භ වුණාට පස්සේ තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළට ලිපි පැමිණෙන්නේ නැහැ.”
කෙසේවෙතත් ලිපි බෙදා හැරීමේ කටයුතු අද (15) දිනයේ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම අරමුණ බවයි තැපැල්පතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

රණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයි

Shiran Viraj

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

Shiran Viraj
Translate »