2026-08-20
mediahumanrights.lk
Local NewsNews

ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි දඬුවම්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සඟවාගෙන සිටින පුද්ගලයන් හා එම හිමියන්ට ආරක්‌ෂාව ලබාදෙන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට, කටයුතු කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා ඇති අතර ඉදිරි දින කීපය ඇතුළතදී කෙසේ හෝ එම හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක්‌ සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඥනසාර හිමියන්ට එරෙහිව කොටුව අධිකරණය මගින් වරෙන්තුවක්‌ නිකුත් කර තිබිණි.
ඥනසාර හිමියන් පිළිබඳ තොරතුරක්‌ වෙතොත් පොලිස්‌ මූලස්‌ථානයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම ඥනසාර හිමියන්ට ආරක්‌ෂාව ලබාදීමට ඉදිරිපත් නොවන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කර සිටියි.
srilankamirror.com

Related posts

චම්පික හෙල උරුමය අතහැර එජාපයට.. අලුත් සන්ධානයේ ලොකු පුටුවකට උඩින් පනී.. දැනටමත් පෝස්ටර් ගහයි..

Shiran Viraj

ලොකු හාමුදුරුවන්ගේ කරේ එල්ලී ගංවතුරෙන් එගොඩ වෙන පොඩි හාමුදුරුවෝ

Shiran Viraj

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්

Shiran Viraj
Translate »