28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ගිනියම් රැයෙන් ආ චමත්කා සිනමාවට

කලා ලෝකෙට ඇතුළු වුණ ගමන් ජනප්‍රියත්වයට පත්වෙන්න පුළුවන් වෙන එකත් ඒ ලබන ජනප්‍රියත්වය හරහා නිර්මාණවලට දායක වෙන්න ලැබීමත් අපහසු කාර්යයක්‌. ඒත් කලාතුරකින් කෙනකුට ඒ වාසනාව හිමිවෙනවා. ඒ විදිහට වාසනාව හිමිවෙච්ච රංගන ශිල්පිනියක්‌ අපට හමුවුණා. ඇය තමයි චමත්කා.
2015 අවුරුද්දේ ඒ කියන්නේ මීට අවුරුදු දෙකකට ඉස්‌සෙල්ල ෆීල්ඩ් එකට ආපු චමත්කා ඉරාඡ් වීරරත්නගෙ මියුසික්‌ වීඩියෝ එකකට දායක වීමත් සමඟ බොහෝ දෙනකුගෙ කතාබහට ලක්‌වුණා. ඒ ගැන ඇහුවම චමත්කා කිව්වේ වැඩකට නැති කතා ඇයට කොහෙත්ම අදාළ නැති බවත් ක්‍ෂේත්‍රයේ අයගෙන් ලැබුණ හොඳ ප්‍රතිචාර තමන්ගේ ඉදිරිගමට ආශිර්වාදයක්‌ වුණ නිසාම වැඩිපුර නිර්මාණවලට දායක වීමේ අවස්‌ථාව උදාවුණා කියලයි. ඇත්තටම ඒ කතාව හරි මේ වෙනකොටත් චමත්කා නාලක විතානගේ ගෙ සරුංගල් කියන චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් කාර්ය බහුල ජීවිතයක්‌ලු ගෙවන්නෙ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

සිරුරෙන් මතු වුණු තවත් හෙරොයින් ගුලි (PHOTOS)

Shiran Viraj

LTTE, JVP ගැටුම් නිසා ලංකාවට ඩොලර් බිලියන 200ක් අහිමි වුනා..

Shiran Viraj

ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?

Shiran Viraj
Translate »