2026-08-05
mediahumanrights.lk
Local NewsNews

කීත් නොයාර්ට පහරදීම – බුද්ධි අංශ නිලධාරීන්ට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාම හා වධහිංසා සිදුකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශයේ හමුදා සාමාජිකයින් හයදෙනා කොළඹ මහාධිකරණය මඟින් ඇප මත නිදහස් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
2008 වසරේ මැයි මස 22 වන දින පැහැර ගැනීමට ලක් වු කීත් නොයාර් මහතා ඒ වන විට සතිපතා ඉංග්‍රීසි පුවත්පතක නියෝජ්‍ය කතුවරයෙක් වශයෙන් සේවයේ නියැලී සිටියේය.
මීට පෙර ද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ විසින් සැකකරුවෙකු  ලක්ෂ 10 බැගින්වන ශරීර ඇප මත මුදාහැරීමට තීරණය කෙරිණි.
සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද එහිදී නියෝග කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..

Shiran Viraj

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

Shiran Viraj

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

Shiran Viraj
Translate »