26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsSportsSports News

ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් එය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය.
ඒ අනුව කණ්ඩායම් දෙකට එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වී තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් පන්දුවාර 44යි පන්දු තුනක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
ඒ අනුව තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Shiran Viraj

මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

Shiran Viraj

සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

Shiran Viraj
Translate »