28.9 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNewsPolitical

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අගමැති එක්වෙයි

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(5) එක්වීමට නියමිතය.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍යවරයාට මෙම සමුළුවට සහභාගීවිම සඳහා  ආරාධනය ලැබී තිබේ.
සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කරගැනීම සහ සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධකයන් කළමනාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙනු ඇත.
රාජ්‍ය හා ආණ්ඩු නායකයින්, අමාත්‍යවරුන්, ව්‍යවසායකයන් සහ සිවිල් නායකයන් මේ සඳහා සහභාගීවීමට නියමිතය.
සාගර හා වෙරළබඩ පරිහානිය යළි ආපස්සට හැරවීමේ ක්‍රියාදාමය, මෙම සමුළුවත් සමගින් ආරම්භ කෙරෙන බව එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේ සභාපති පීටර් තොම්සන් මහතා විශ්වාසය පළ කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

ජපන් විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනපතිට බාරදෙයි

Shiran Viraj

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

Shiran Viraj

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

Shiran Viraj
Translate »