mediahumanrights.lk
NewsSportsSports News

ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම්

ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්ව ලබාදී තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීමේ වරම ද ඔවුන්ට හිමි වනු ඇති.
ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීමේ වරම හිමි වීමත් සමග ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන මුළු රටවල් ගණන 12ක් වී තිබෙනවා.
එංගලන්තයට සහ  ඕස්ටේ‍්‍රලියාවට ටෙස්ට් වරම් හිමිවූයේ 1909 වසරේදීයි. දකුණු අප‍්‍රිකාවට ද එම වසරේදීම ටෙස්ට් වරම් හිමි වූ අතර කලක් එම අවස්ථාව අහිමි වී තිබී නැවත 1991 දී ඔවුන්ට ටෙස්ට් වරම් හිමි වුණා.
බටහිර ඉන්දීය කොදෙව්වන්ට, නවසීලන්තයට සහ ඉන්දියාවට ටෙස්ට් වරම් හිමි වූයේ 1926 වසරේදීයි. පකිස්තානයට 1952 වසරේ දී ද, ශ‍්‍රී ලංකාවට 1981 වසරේ දී ද ටෙස්ට් වරම් හිමි වුණා. සිම්බාබ්වේට ටෙස්ට් වරම් හිමි වුණේ 1992දීයි. බංග්ලාදේශයට 2000 වසරේ දී ටෙස්ට් වරම් හිමි වුණා.
ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ද ටෙස්ට් වරම් ලබාදීමට අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සියල තීරණය කර ඇත්තේ එම රටවල ක‍්‍රිකට් පාලක මණ්ඩලයන් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් සලකා බලමින්.
(under the courtesy of nethfm news web)

Related posts

ලොකු ළූණුවලින් කෝටි 8000 අයුතු ලාභයක්.. අල, ළූණු, කිරිපිටිල වලින් මහා මංකොල්ලයක්..

Shiran Viraj

The Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක්

Shiran Viraj

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj
Translate »