2026-02-10
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ ළාබාල පෙම සොයා ආ බ්‍රිතාන්‍ය කත අසරණ වෙයි

තමාට වඩා වයස ඇවුරදු 33ක් ළාබාල ශ්‍රී ලාංකේය තරුණයෙකු සමග විවාහ වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සිය තරුණ සැමියා හදිසියේ මියයෑමෙන් පසු යළි සිය රටට යෑමට මුදල් නොමැතිව ශ්‍රී ලංකාවේ සිරවී සිටින බව ඩේලිමේල් අනාවරණය කර තිබෙනවා.
ඩයෑන් ඩි සොයිසා නමැති 59 හැවිරිදි මෙම කාන්තාව 2011 වසරේදී ප්‍රියංජන නමැති ශ්‍රී ලාංකේය තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති බවයි එහි අනාවරණය කර ඇත්තේ.
ඒ අනුව සිය ප්‍රේමය නිසා මෙම විදෙස් ජාතික කාන්තාව එඩින්බරෝ නුවර වූ සිය නිවස විකුණා, තමා කරමින් සිටි රැකියාවෙන්ද ඉවත්වී 2015 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
වැඩිකල් යෑමට පෙර මෙම තරුණයා මුදල් අරඹයා තමාව විවාහ කරගෙන ඇති බව තමාට තේරුම්ගිය බව පවසන ඇය, තම නිවසේ නිතර අඩදබර ඇති වූ බවද පවසා තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය මාසයේදී සිය ස්වාමියා වෙඩි තැබීමකින් ඝාතනය වූ බව පවසා ඇති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව දැන් යළි තම රටට යෑමට මුදල් නොමැතිව තමන් ශ්‍රී ලංකාවේ කොටුවී සිටින බව සඳහන් කරනවා.
තමා නිවස විකුණා ලබාගත් මුදලින් ස්ටර්ලිං පවුම් 100,000ක් පමණ තම ස්වාමියාට ලබාදුන් බවද ඇය පවසා තිබෙනවා.
අදාළ කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ ඇයට මෙම විවාහය කර නොගන්නා ලෙස බල කර සිටියත් ඇය සිය කැමැත්තෙන්ම මෙම ලාබාල තරුණයා සොයා ශ්‍රී ලංකාවට ගිය බවයි.
මෙම තරුණයාගේ මව, මෙම කාන්තාවට වඩා වසරකින් ළාබාල බවද ඇයගේ ඥාතීන් ඩේලිමේල් වෙත පවසා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
ප්‍රියංජන නැමති මෙම තරුණයා කප්පම් සිද්ධියක් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති බවද ඩේලිමේල් වාර්තා කර තිබෙනවා. එම මරණය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවද සඳහන් වෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

‘දේදුණු ආකාසේ’ ආදායම් වාර්තා තබයි

Shiran Viraj

අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..

Shiran Viraj

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

Shiran Viraj
Translate »