mediahumanrights.lk
Local NewsNews

"මෙතෙක් නොගත් දැඩි තීරණයක් අද ගන්නවා" -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

සයිටම් ගැටළුව පිළිබඳව රජයේ ස්ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ පිළිබඳව ද විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වෙන බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද නෙත් නිවුස් වෙත කියා සිටියේ.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “අද දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. සයිටම් අර්බුදය ගැන එහිදී ඉදිරි තීන්දු තීරණ ගන්නවා. බොහෝවිට එම තීරණ ඉතා දැඩි ඒවා වෙයි. මේ වන විට දිවයින පුරා පවතින අපගේ ශාඛා සංගම්වල රැස්වීම් පවත්වලා ඔවුන්ගේ යෝජනා සහ අදහස්  අද මධ්‍යම කාරක සභාව වෙත ලැබීමට නියමිතයි. ඒ මත අපගේ තීරණය ඉතා දැඩි වෙයි.” යනුවෙනි.
කෙසේවෙතත් සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතු බවයි ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්ත

Shiran Viraj

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Shiran Viraj

අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයි

Shiran Viraj
Translate »