mediahumanrights.lk
Local News News Political

බලය ලබා ගන්න ජාතිවාදය යොදා ගන්නවා

බලය ගිලිහුණු ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය ලබා ගැනිම සඳහා ජාතිවාදය යොදා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.
අනුරාධපුරය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ජාතිවාදයට හසු නොවන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බවයි.
මේ අතර ඇතැම් ආගමික ස්ථාන කඩ සාප්පු ව්‍යාපාරික ආයතන සහ නිවාස ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ සිදුවිම් පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ප්‍රණ්ඩත්ව වැපිරිමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් සිදු කරන වෛරී ප්‍රකාශන සහ හිංසාකාරි ක්‍රියා තරයේ හෙළා දකින බව කැබිනට් මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා ප්‍රකාශ කළේය.
ඕනෑම ආගමික හා ජනවාර්ගික කොටසක් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවිමට කටයුතු කරන පුද්ගලයින්ට රටේ නීතිය අනුව කටයුතු කිරිමට පියවර ගන්නා ලෙස බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ දැක් වෙයි.
මෙම අවස්ථාවේදී සන්සුන්ව සහ සාමකාමිව කටයුතු කිරිම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා ආගමික නායකයින්ට කෘතවේදීත්වය පල කරන බවද කැබිනට් මණ්ඩලය පවසයි.
ශ්‍රී ලාංකීය ජාතිය කිසිවිටෙකත් යළි ගැටුම්කාරී අතීතයකට පිවිසිමට ඉඩ නොතබන බවට සහතික වන බව කැබිනට් මණ්ඩලය අවධාරණය කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුල

Shiran Viraj

Fitness Tips – How much exercise you need to be healthy

Shiran Viraj

බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්

Shiran Viraj