28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

බලය ලබා ගන්න ජාතිවාදය යොදා ගන්නවා

බලය ගිලිහුණු ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය ලබා ගැනිම සඳහා ජාතිවාදය යොදා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.
අනුරාධපුරය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ජාතිවාදයට හසු නොවන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බවයි.
මේ අතර ඇතැම් ආගමික ස්ථාන කඩ සාප්පු ව්‍යාපාරික ආයතන සහ නිවාස ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ සිදුවිම් පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ප්‍රණ්ඩත්ව වැපිරිමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් සිදු කරන වෛරී ප්‍රකාශන සහ හිංසාකාරි ක්‍රියා තරයේ හෙළා දකින බව කැබිනට් මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා ප්‍රකාශ කළේය.
ඕනෑම ආගමික හා ජනවාර්ගික කොටසක් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවිමට කටයුතු කරන පුද්ගලයින්ට රටේ නීතිය අනුව කටයුතු කිරිමට පියවර ගන්නා ලෙස බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ දැක් වෙයි.
මෙම අවස්ථාවේදී සන්සුන්ව සහ සාමකාමිව කටයුතු කිරිම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා ආගමික නායකයින්ට කෘතවේදීත්වය පල කරන බවද කැබිනට් මණ්ඩලය පවසයි.
ශ්‍රී ලාංකීය ජාතිය කිසිවිටෙකත් යළි ගැටුම්කාරී අතීතයකට පිවිසිමට ඉඩ නොතබන බවට සහතික වන බව කැබිනට් මණ්ඩලය අවධාරණය කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්

Shiran Viraj

මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා සුව කළ විස්මිත වෛද්‍ය මෙහෙයුම

Shiran Viraj

ජේම්ස් පැකර් යළි දිවයිනට..?

Shiran Viraj
Translate »