2026-09-07
mediahumanrights.lk
Local NewsNews

දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්

මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා විශේෂ රථ වාහන මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ කොළඹ නාගරික සීමාව තුළ ප්‍රධාන මාර්ග ආශිතව පවතින මාර්ග තදබදයට හේතුව රථ වාහන ගමනාගමනය විධිමත්ව නොපැවතීම බවයි.
මේ හේතුවෙන් මහජනතාව විශාල පීඩාවකට පත්ව ඇති අතර රියදුරන් හා පදිකයින්ගේ මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා රථ වාහන නීතිය  දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා උපදෙස් ලබා දී තිබේ.
ඉලක්ක ගත රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 12 වැනිදා සිට 16 වැනිදා දක්වා සිදුකරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම් මඟින් රථ වාහන වැරදි 9130ක් සඳහා නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
වැඩිම නඩු සංඛ්‍යාවක් පවරා ඇත්තේ මංතීරු නීතිය උල්ලංඝණය කිරීමේ වරදට වන අතර එම නඩු සංඛ්‍යාව 7456ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් තබන්නේ නෑ

Shiran Viraj

ගුරුවරුන් බඳවා ගන්නා අයුරු අකිල කියයි

Shiran Viraj

බැඳුම්කර වෙන්දේසියට හේතුව විගණකාධිපති හෙළි කරයි

Shiran Viraj
Translate »