mediahumanrights.lk
NewsPolitical

ත්‍රීවිල් ගාස්තු සංශෝධනයට රජයෙන් අවසරයක් නෑ – නියෝජ්‍ය ඇමති කියයි

ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය ඉකුත් දා ප්‍රකාශ  කළේ අමතර කොටස් මිල ඉහළ යාම නිසා ලබන 10 වනදා සිට ගාස්තු ඉහළ දමන බවයි.
කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසිරි සඳහන් කළේ මේ මොහොතේදී ගාස්තු සංශෝධනයක් සිදු නොකළ යුතු බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

අම්බලන්තොට තරුණයා මිය ගියේ පොලිස් වෙඩි පහරින්! පලා ගිය දෙදෙනාත් බාරවෙයි!

Shiran Viraj

මාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..

Shiran Viraj

"මිනිසාගේ සෞඛ්‍යට සිදුවෙන හානිය හිලවු කරන්න බැරිවෙයි"

Shiran Viraj
Translate »