2026-01-13
mediahumanrights.lk
Local NewsNews

කප්පම් ගන්න ගිය දෙදෙනෙක් දැලේ

කප්පම් ලබාගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු මීරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීරිගම, ගිරිඋල්ල පාර පිහිටි ස්වර්ණාභරණ අළෙවිසැලක් වෙත දුරකථනයෙන් අමතා රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදෙන ලෙස දන්වා ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් එම ආයතනයේ හිමිකරු විසින් මීරිගම පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ පොලීසිය අදාළ සැකකරුවන් මුදල් ලබාගැනීමට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුගොඩැල්ල, ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හා 47 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

Shiran Viraj

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනී

Shiran Viraj

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

Shiran Viraj
Translate »