27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාවට එරෙහි තරගයේ ක්‍රීඩකයන්ගේ කැපවීම මැතිව්ස් අගය කරයි

ශූරයන්ගේ කුසලාන තරගාවලයේ ඉන්දියාව සමග පැවති තරගය ජයග්‍රහණය කිරීමට සියලු ක්‍රීඩකයන් කළ කැපවීම ඉහළින්ම අගය කරන බව නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.
ඉන්දියාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක් හිමිවුනා.
එය මෙම තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයට යාම වෙනුවෙන් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තබා ගැනීමට හිමිවු අවස්ථාවක්.
ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිව්ස් පෙන්වා දුන්නේ මෙම තරගය තම කණ්ඩායමට ඉතා වැදගත් එකක් වු බවයි.
ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බව ද ඔහු සඳහන් කළා.
එම හේතුව මත මෙම තරගයට සහභාගී වුයේ ද පීඩනයකින් යුතුව බවයි මැතිව්ස් කියාසිටියේ.
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට ඇතිවු ජල ගැලීම් තත්වය හමුවේ විශාල පිරිසක් දුක් මුසු අවස්ථාවක සිටින විට ඔවුන්ට සුලු හෝ සතුටක් මෙම තරග ජයග්‍රහණය සමග ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටුවන බව ද ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කළා.
මෙම තරගය ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය ක්‍රීඩා කරන ආකාරයක හැගීමක් දැනුනු අතර තරගය නැරඹීමට පැමිණි ලාංකිකයන්ට ද ඇන්ජෙලෝ මැතිව්ස් ස්තුතිය පළ කරනවා.
ඉන්දීය කණ්ඩායමට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් පැවති අවස්ථාවක ලාංකිකයන්ගේ පැමිණීම දැඩි ශක්තියක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ප්‍රේක්ෂකාගාරයේ සිටි ලාංකිකයන්ගෙන් ලැබුනු ප්‍රතිචාරය ඉතා විශිෂ්ඨ බව ද මැතිව්ස් සඳහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරී

Shiran Viraj

කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

Shiran Viraj

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

Shiran Viraj
Translate »