27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
Local NewsNews

අනතුරින් දරුවෙකු සහ තවත් අයෙකු මරු දකියි

ඇහැළියගොඩ ධර්මපාල විදුහල අසලදී සිදු වූ රිය අනතුරකින් දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ත්‍රී රෝද රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රී රෝද  රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ ඇහැළියගොඩ ප්‍රදේශයේම පදිංචි 7 හැවිරිදි දරුවෙක් සහ 50 හැවිරිදි පුද්ගලයෙකි.
කැබ් රථයේ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් කම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණව වූ බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇහැළියගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….

Shiran Viraj

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..

Shiran Viraj

මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර

Shiran Viraj
Translate »