28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNewsPoliticalSportsSports News

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක‍්‍රීඩා ඇමති හෙළි කරයි

සුසන්තිකා ජයසිංහ, සිය ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කිරීමට සැරසෙන්නේ විදෙස්ගත වීමේ අරමුණින් බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි අමාත්‍යවරයා සඳහන් කළේ සුසන්තිකා ජයසිංහ වෙනුවෙන් සිය අමාත්‍යංශය මේ වනවිට හැකි උපරිම දේ සිදු කර ඇති බවයි.
අමාත්‍යවරයා කියා සිටියේ,
ඇයට ඕස්ට්‍රේලියා යන්න වුවමනා වී තිබෙනවා. මේ වගේ මහා විප්ලවයක් ඇති කරාම පදක්කම් විකුණනවා කියලා ලෝක වාසීන් ලංකාවේ ක්‍රීඩිකාවකට කරන අසාධාරණය විදියටයි මෙය දකින්නේ. ඒක තුළ අයට සමහර  විට ඇයට වෙනත් රටකින් ආරාධනාවක් එයි කියලා බලාගෙන ඇති.  ඒ වගේ තත්වයක් තමයි මම දකින්නේ. කෙසේ වෙතත් මම කියන්න කැමතියි අපි අපිට පුඵවන් උපරිමයෙන් ඇයව බලා කරනවා. ඒ දෙයට ඇයගෙනුත් කෙළෙහිගුණයක් තියෙන්න ඕන.  හැමවෙලේම චෝදනා කර කර අපිට බැණ බැණ අමාත්‍යාංශ නිලධාරීන්ට බැණ බැණ මේ වැඩේ කරාම අපිටත් ලොකු වේදනාවක් දැනෙනවා. කොච්චර කරත් සුසන්තිකාට ඇති වෙන්නේ නෑ. ඒක ඇයගේ සංසාරගත පුරැද්ද.
සුසන්තිකා ජයසිංහට 2020 දක්වා මාසිකව රුපියල් හැට දහසක ගෙවීමක් කිරීමට ද කටයුතු කර ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ඇයට පදක්කම් විකුණා ජීවත් වන්න උවමනාවක් නෑ. ඇයට මේ වනකොටත් මාසෙකට රැපියල් 60,000 ගානේ 2020 වසර වෙනකම් ගෙවනවා. ඊට පසුවත් අපි ගෙවන්න සූදානම්. ඇයට වාහනේකුත් ලබා දෙන්න, මම කිව්වේ ඇවිල්ල වැඩ ටික කරන්න කියලා. කිසිම වැඩක් නොකර අමාත්‍යාංශයේ පැත්ත පළාතේවත් එන්නේ නැතුව අපි කොහොමද ඉතිරි වැඩකටයුතු ටික කරන්නේ ? තමන් ඔලිම්පික්  පදක්කමක් දිනුව කියල නිකන්ම කන්න බොන්න ලැබෙනවා කියලා හිතන් ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදියි.
(under the courtesy of nethfm news web)

Related posts

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ

Shiran Viraj

කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයි

Shiran Viraj

චීනය නියමුවන් රහිත ප්‍රහාරක යානා නිෂ්පාදනය අරඹයි

Shiran Viraj
Translate »