28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Business Business News News

සහන භාණ්ඩ රැගත් විශේෂ චීන ගුවන් යානයක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන භාණ්ඩ තොගයක් රැගත් විශේෂ චීන ගුවන් යානයක්  පසුගිය දා (03) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
සහන භාණ්ඩ තොගය  ශ‍්‍රී ලංකා රජය වෙත පිළිගැන්වීමේ උත්සවය ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ දී ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැංලිං, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
චීන රජය විසින් සපයන ලද මෙම සහන භාණ්ඩ තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.2කි. කූඩාරම් 600ක්, පොරෝන 20,000ක්, ඇද ඇතිරිලි 5,000ක්, ආරක්ෂක කබා 20,000ක්, ආරක්ෂක පාවහන් 1,000ක් ආදිය මෙම සහනභාණ්ඩ තොගයට ඇතුළත් වේ.
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජයේ සහ චීන රජයේ කණගාටුව පළ කරන  අතර ම ඔවුනට හැකි උපරිම ආකාරයෙන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහයෝගය දීමට කටයුතු කරන බවත් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් චීනය සෑම මොහොතක දී ම පෙනී සිටින බව ද සිහිපත් කළ  චීන තානාපති ෂියැංලියැං මහතා දෙරට අතර සහයෝගය ඉදිරියේ දී තව තවත් වර්ධනය වනු ඇතැයි ද කියා සිටියේය.
මෙම දුෂ්කර අවස්ථාවේ දී චීනය රජය ශ්‍රී ලංකාවට ආධාර කිරීමට පැමිණීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතිවන්ත වන බවත් යටිතල පහසුකම් ඇතුළු බොහෝ අංශවල පුළුල් ප‍්‍රතිසංස්කරණයක් මෙම ආපදාවෙන් අපට කරන්නට සිදු වී තිබෙන බවත් පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ආපදා කළමනාකරණ අංශ මේ වන විට විශිෂ්ට සේවාවක් ඉටු කරමින් සිටින බව ද පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

වැඩ කරමින් සිටියදීම දින ගණන් නින්දට වැටෙන මිනිසුන් සිටින අභිරහස් ගම්මානය

Shiran Viraj

සජිත්ට දැඩි චෝදනා කරමින් රෝසිගෙන් දීර්ඝ ලිපියක්….

Shiran Viraj

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

Shiran Viraj