26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

විග්නේෂ්වරන්ට පක්ෂව යාපනයේ අදත් හර්තාල්!

පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි බල කරමින් පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයක් උතුරු පළාත තුළ අද (16) පැවැත්වෙනවා. එය සංවිධාන කරනු ලබන්නේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින්.
උතුරේ දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ එම විශ්ව විද්‍යාලයේ සිසුන් ද මෙම හර්තාල් ව්‍යාපාරයට සහය දක්වීමට නියමිතයි. අදාළ විශ්වාසභංග යෝජනාවට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ යාපනයේ දී විරෝධතා ව්‍යාපාර පැවැත්වූවා.
මේ අතර තමන්ට පළාත් සභාව තුළ බහුතර බලයක් තිබේද යන්න පිළිබඳ ඔප්පු කර පෙන්වන්නැයි පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඔහුට සහය දක්වන පක්ෂවල සාමාජිකයින් ඊයේ පෙරවරුවේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. ප‍්‍රධාන අමාත්‍යවරයාට බහුතල බලය ඇති බවට ඔප්පු කර පෙන්වීමට නොහැකි වුවහොත් බහුතර බලයක් ඇති පුද්ගලයෙකුට ප‍්‍රධාන අමාත්‍ය ධුරය ලබාදෙන බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.
මේ අතර උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට එල්ල වූ දූෂණ සහ අක‍්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ද ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

බන්ධනාගාර වලින් 49 පළා යයි…

Shiran Viraj

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

Shiran Viraj

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයට

Shiran Viraj
Translate »