28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

විග්නේශ්වරන් සත්‍යලිංගම් හා ඩෙනිශ්වරන් ගැන තීරණය වෙනස් කරන ලකුණු

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් මහතා හා පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා සම්බන්ධයෙන් වගකීම භාර ගන්නේ නම් තම තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට හැකි බැව් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමුකොට ඇත.
සම්බන්ධන් මහතා විසින් චෝදනා ඔප්පු නොවු අමාත්‍යවරුන් වන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් මහතා හා පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ තීරණය නිවැරදි කරන ලෙසට ඉල්ලීම් කරමින් විග්නේශ්වරන් මහතා වෙත යැවු ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් එලෙස සඳහන් කරනු ලැබීය.
උතුරු පළාත් අමාත්‍යවරුන් වන පි.සත්‍යලිංගම් මහතා හා පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා වගකීම භාරගතහොත් තමන් නැවත වතාවක් සිදුකළ ප්‍රකාශ වෙනස් කිරීමට සුදානම් බැව්ද විග්නේශ්වරන් මහතා ලිපියේ සඳහන් කොට ඇත.
විග‍්නේශ්වරන් මහතා වෙත විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමෙන් අනතුරුව දෙපාර්ශවය අදාළ ගැටළුව සම්බන්ධයෙන් ලිපි හතරක් හුවමාරු කර ගනු ලැබීය.
සම්බන්ධන් මහතා වෙත සිය සිව්වන ලිපිය යොමු කරමින් විග්නේශ්වරන් මහතා එලෙස සදහන් කළේය.
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් මහතා හා පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතුවලට   දේශපාලන වශයෙන් ඇඟිලි ගැසීම් සිදු නොවිය යුතු බවත්,  ඒ සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව සහතික වන ලෙසත්  විග්නේෂ්වරන් මහතා   විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීම් කොට ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

කුරුණෑගල තිත්තවැල්ල වැවේ සංවර්ධන කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට …

Shiran Viraj

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

Shiran Viraj

කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයි

Shiran Viraj